රුසියානු බලධාරීන් ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබේ.
වාර්තා වන ආකාරයට රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළ යෑමත්, තොග හිඟවීමත් හේතුවෙන්, රුසියාව සැප්තැම්බර් 21 වනදා සිට ඉන්ධන අපනයනය තහනම් කළ අතර නල හරහා ඉන්ධන වෙනත් රටවලට යැවීමට පනවා තිබූ තහනම ඔක්තෝබර් 6 වනදා ඉවත් කර තිබේ.