අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න සිනමන් හෝටලයේ දී සාකච්ඡා වූ බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රතිචාර දක්වා තිබේ.
වාර්තා වන ආකාරයට එහිදි අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ,
”සිනමන් ග්‍රෑන්ඩ් එකේ කාර්යයාලයක් තියෙන්නේ අසේල රැකව ට . වෙන කාටවත් නෑ. ඒකට ගෙවන්නේ කවුද කියලා මං දන්නේ නෑ. ඒ කාර්යයාලයේ හරි කොතන හරි ක්‍රිකට් එක තහනම් කරනවා කියලා කතා වෙනවා නම් , අපි බාල රටක් ද … මොකක්ද ඒ අයට තියන විශේෂ විධායක බලය”