•රනිල්ට බයේ මෛත්‍රීපාල දියත් කල දුරකථන ඇමතුම් පටි ගත කිරීමේ මෙහෙයුම අස්සේ වංචා චෝදනාවකුත්,
•ලක්ෂ 6000ක් වතුරේ ,
•මොසාඩ් බුද්ධි අංශයත් සම්බන්ධ කර ගෙන,
•මෛත්‍රීපාල අත්හදා බැලීමේ මුල් ම ඇමතුම ලබා දුන් Dr කවුද ?
දුරකථන ඇමතුම් වලට රහසේ සවන් දිය හැකි හා ඒවා පටි ගත කළ හැකි උපකරණ සහ සමාජ මාධ්‍ය ජාල වලට ඇතුළු විය හැකි උපකරණ ඇතුළු අති නවීන සන්නිවේදන උපකරණ තොගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව මත මිල දී ගෙන ඇති බව පැවසෙනවා.
යහපාලන රජය පැවති සමයේ තමන් අවට සිටි පුද්ගලයින් පිළිබඳ පවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්වාසයක් නො තිබූ බැවින් දුරකථන සංවාද පටි ගත කිරීම පිළිබඳ ඔහු උනන්දු වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම උපකරණ තොගය මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 6000ක් පමණ වැය කර ඇති බවත් එම ගනුදෙනුව සඳහා ඔහුගේ බෑනා කෙනෙකු ද සම්බන්ධ වූ බවත් එහි දී මූල්‍ය වංචාවක් සිදු ව ඇති බවටත් චෝදනා නගමින් මෙම කරුණු සඳහන් කර ඇත්තේ මේ වන විට ස්විස්ටර්ලන්තයේ රැඳී සිටින මෙරට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා විසින්.
එලෙස රැගෙන ආ උපකරණ තොගයේ ඇති සුවිශේෂී උපකරණ කිහිපයක් පිළිබඳව ද ඔහු මෙහි දී කරුණු හෙළි කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් පර්යේෂණයක් පැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන මහතා විසින් එය වැළැක්වීම සඳහා බලපෑම් සිදු කළ බව ද සඳහන් කර තිබෙනවා
.