අලුත්ගම සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් බේරුවල කාලවිලකන්ද ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනක ආර්ථික අපහසුතා ඇති පවුල්වලින් තෝරාගත් දරුවන් පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ (10) කාලවිලකන්ද ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී සිදු කර ඇති බව වාර්තා වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට සමගාවී ම මෙම පාවහන් පරිත්‍යාගය සිදු කර ඇති බව සඳහන්.
බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් පෙරේරා, කළුතර දිස්ත්‍රික් සුරාබදු අධිකාරී සුගත් කොලොන්නේ මහතා සහ අලුත්ගම සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වී තිබේ.