වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් ඊළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇති බව වාර්තා වේ.
එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑමට හැකි වුවහොත් මෙම සහනය ලබාදිය හැකි බවයි.
ඊයේ (13 ) ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ජාතික විදුලි නිෂ්පාදනයෙන් සියයට 52ක් ජලයෙන් නිපදවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
විදුලි බලාගාර ආශ්‍රිතව හොඳ වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන බවද හෙතම කියා සිටියේය.