මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.
යතුරු පැදියේ පසුපස ගමන් ගත් රන්දික පියුමාල් ගමගේ නමැති (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ.
එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට බුලත්සිංහල පොලීසිය පවසයි.
යතුරු පැදිකරු ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහූ පිරිසක් මේ පිළිබඳව පරික්ෂණ පවත්වනු ලබති.