ඊයේ (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් පැවති කෝප් කමිටු රැස්වීමේ දී කමිටු සභාපතිවරයාගේ හැසිරීම ගැටලු සහගත බව විපක්ෂ නායකවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දී තිබේ.
එහිදී සජිත් ප්‍රේමදාස මහතාට අමතරව නලීන් බණ්ඩාර සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරුන්ද අදහස් පළ කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
“කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. එකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා අපි හිතන විදියට. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතළයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබාදෙන උත්තර පිළිබඳ. මේක බරපතළ කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න.”