දිීපවාලි උත්සව සමය තුලදිී මගී ප්රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත.
මේ පිලිබඳව කරන ලද විමසිීමකදි අදහස් දැක්වුූ හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිීපවාලි උත්සව සමය තුලදිී මගී ප්රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමණ ආදායමක් ලබා ගැනිීමට හැකිවුූ බවත්ය.
මෙම උත්සව සමය තුලදිී එනම් 08වන දින සිට 14වන දින දක්වා සතියක කාලය තුලදි හැටන් කොළඹ, හැටන් මහනුවර ප්රධාන මාර්ග ඇතුළු අනිකුත් වතු ආශ්රිත මාර්ගවල බස් රථ ධාවනයෙන් මෙම ආදායම ලබා ගැනිීමට හැකිවුූ බවත්ය.
මෙම ආදායම ලබා ගැනිීම සදහා තම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර මහත්වරුන් ඇතුළු සමස්ථ සේවක පිරිසම දැඩි කැපවිීමක් සිදු කල බවත් එම සියලුම දෙනාගේ එකමුතු කම හා කැපවිම මත මෙවන් ආදායමක් මෙම ඩිපෝවට ලබා ගැනිීමට හැකිවූ බවද ඔහු වැඩි දුරටත් පැවසිීය.