පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළ බව වාර්තා වේ.
ඒ, අද (16) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කර තිබේ.
ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්ය.
එසේම කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.