ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්රදේශයේදී බෝක්කුවක් අසල තිබී සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
තලාතුඔය පොලීසිය සඳහන් කර තිබෙන්නේ මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවත් අදාළ පුද්ගලයා පසුගිය 12 වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13 වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවත් ය.