හෙට(17) අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්රදානය සිදු කරයි.
2018 වසරේ බදවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණු වීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු මෙහි දී පත්වීම් ලැබීමට නියමිත බවත් මේ වන විට දිවයින පුරා හෙද නිලධාරීන් 42,000කට අධික ප්‍රමාණයක් සේවය කරන බවත්මෙම බදවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යාමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.