අද(16) උදෑසන උතුරු චීනයේ ෂැන්ක්සි පළාතේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් එහි සිරවීමෙන් ඇති වූ ශ්වසන අපහසුතා ඇතුළු තත්ත්වයන් හේතුවෙන් තවත් 63 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙම ගින්න හට ගෙන තිබෙන්නේ යොන්ජු ගල් අගුරු කර්මාන්තශාලාවට අයත් ඒකාබද්ධ ගොඩනැගිල්ලක බව විදෙස් මාධ්‍ය පවසයි.