දියතලාව ප්රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී තිබෙන අතර ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.