ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්තානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, එම තනතුරෙන් මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්විය.
ඒ අනුව ටෙස්ට් කණ්ඩායමට සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව නායකයින් දෙදෙනෙක් නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් නම්කර ඇති අතර විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි ව නම් කළ බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
එක්දින ජාත්‍යන්තර තරගාවලියක් නුදුරේදීම නොපැවැත්වෙන බැවින් එක්දින කණ්ඩායම සඳහා නායකයෙක් පත්කර නොමැත.
ඔවුන් දෙදෙනාගේ පළමු අභියෝගය වන්නේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය යි.
මේ අතර කණ්ඩායමේ අධ්යක්ෂවරයා ලෙස මොහොමඩ් හෆීස් ව නම්කර තිබේ. එම තනතුරේ කටයුතු කළ මිකී ආතර් ගේ කොන්ත්‍රාත්තුව අත්හිටවූ බව සඳහන්ව නැත.