ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලැයිස්තු බැලීමේදී පැහැදිලි වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාගය පවත්වා මසක් ඇතුළත නිකුත් කිරීමට ලැබීම ලොකු ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්පොළසන් දුන් බව වාර්තා වේ.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද ප්‍රකාශ කර තිබේ.
“ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්රියේදී නිකුත් කළා. විභාගය පැවැත්වූයේ ඔක්තෝබර් මාසයේදී. නොවැම්බර් මාසයේදී ප්‍රතිඵල නිකුත් කළා. හරියටම මාසයයි. අපි මේක කලේ සියලු අභියෝග මැදයි.”