කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06ක තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 22 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ.
වාර්තා වන ආකාරයට අදාළ සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ධමිමික ගනේපොල මහතා මෙම අවසරය ලබා දී තිබේ.
අපනයන භාණ්ඩ බෙදා හැරීමේ සමාගමක හිමිකරුවෙකු සහ ඔහුගේ සේවකයෙකු හා සැකකරුවන් තිදෙනෙකු මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා මෙම කුෂ් නැමති මත්ද්‍රව්‍ය තොගය පසුගියදා රේගු භාරයට ගැනුණු අතර කැනඩාවේ සිට මෙරටට ගෙන්වන ලද රෙදිපිලි අඩංගු බාහාලුමක සඟවා මෙම කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා ඇති බව තවදුරටත් සඳහන් වේ.