දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.