ඊයේ (20) පස්වරුවේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වැඩ බලන සභාපති කුමාර් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වූයේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නරාහෙන්පිට සහ කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය පන්නිපිටිය හා බෙල්ලන්විල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල රූපලාවණ්‍ය හා කොන්ඩ සැකසුම් ශිල්පය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට NVQ LEVEL 4 සහතිකපත් හා කුසලාන පිරිනැමීමේ උත්සවයවේ.
වාර්තා වන ආකාරයට රූපලාවණ්‍ය ශිල්පය හා කොණ්ඩා සැකසුම් ශිල්පය හැදැරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 302 කට සහතිකපත් පිරි නැමුනු අතර ක්ෂේත්රයෙ දක්ශතමයින් 40 දෙදෙනෙකුට විශේෂ සම්මාන පිරිනැමිමක්ද සිදු කර තිබේ.
මෙම අවස්ථාවට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශීකා එන්.කේ. ප්රිතීක ප්‍රියදර්ශනි, නාරහෙන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.