බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ බොල්ගොඩ ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලමේදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් .
එහි මගීන්ට ගමන් කිරීම සඳහා සකස් කර ඇති කොටසේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස බොල්ගොඩ ගඟට ඇදවැටී තිබෙන අතර ගඟට ඇදවැටී ඇති පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ පානදුර දෙස සිට එගොඩඋයන දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී තිබේ .
අදාළ පාලම් කොටස දැඩි ලෙස අබලන්වී ඇති අතර පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.