හැටන් ෂැනන් ද්‍රවිඩ විදුහලේ ඉගෙනුම ලබන සිසුවකු වස පානය කිරිම හේතුවෙන් එම සිසුවා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .
මෙම සිසුවා අද (21) දින වස පානය කළ බව ඔහුගේ මිතුරකුට පවසා ඇති අතර එම සිසුවා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිනිය වෙත දැනුම් දී තිබේ . පසුව විදුහල්පතිනිය විසින් මෙම සිසුවා මෙසේ රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ .
මෙලෙස වස පානය කර ඇත්තේ වටවල වැලිඔය වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති සෙල්වරාජ් සජිවන් නැමැති සිසුවෙකි.
වාර්තා වන ආකාරයට එම සිසුවාගේ තත්වය මදක් බරපතල බැවින් වැඩි ප්‍රථිකාර සඳහා එම සිසුවා නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැවිමට පියවර ගෙන තිබේ .