යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉදිරි සතියේ දී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
අදාළ වැඩසටහනට අනුව ඉදිරියේ දී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
එමෙන් ම පසුගිය දිනවලදී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.
දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් දක්වා ඇත.