රට පුරා අලෙවි වන කිතුල් හකුරු සහ පැණි වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති සහ රෙගුලාසි හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි සකස් කර අවසන් වී ඇති බවත් , නුදුරේදීම එය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් සඳහන් .
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ රට පුරා කිතුල් ගස් මිලියන 3 ක් පමණ පවතින බවට ඇස්තමේන්තු ගත කර තිබුණත් ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ 20 % ක පමණ ප්‍රමාණයක් බවයි.