ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ප්‍රවීන මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සමාජ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති අයුරු අප දුටිමු.
පසුගිය දිනවලදී රටේ ආන්දෝලනයට ලක්වූ ප්‍රධාන ගැටලුව වන්නේ විස පොල්තෙල් ගෙන්වීම පිළිබඳ ගැටලුවයි.
මෙම සාකච්ඡාවේ දී ඒ පිළිබඳව පුළුල් කතාබහක් ඇතිවූ අතර එහි දී බුද්ධික ද සිල්වා මහතා ප්‍රකාශ කරනු ලබන්නේ දේශීය පොල්තෙල් වල මෙම ඇෆලොටොක්සීන් නමැති විස ද්‍රව්‍ය අඩංගු නොවන බවට තහවුරු විය හැකි බවයි.
කෙසේ නමුත් ආනයනික පොල්තෙල් පිරිපහදු කර ගත්ත ද එහි ඇෆලොටොක්සීන් රසායනය නොමැති බව ප්‍රකාශ කළ ද එය අසත්‍ය වන බවයි.
ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ විදේශයන්හි ඉවත දමන තෙල් මෙසේ මෙරටට ආනයනය කරනු ලබන බවයි.
වංචනික ආනයනකරුවන් විසින් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ව්‍යාජ දත්ත සකසා රාජය වෙත පෙන්වා රජය මුලාවේ දමන බව ද ඔහු මෙහි දී ප්‍රකාශ කරනු ලබයි.
කවරෙක් විසින් මෙවන් විනාශයන් සිදු කළද එහි කළු පැල්ලම ඉතිරි වන්නේ රජයට සේම, ඉන් පීඩා විඳින්නේ අපේම රටේ ජනතාව බව ද මතක තබා ගත යුතුය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් බුද්ධික ද සිල්වා මහතා පෙන්වා දුන්නේ කර්මාන්ත ක්ෂේත්රය සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරයාට පවා මේ වන විට තීරණ ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණි තත්ත්වයක් උදාවී ඇති බවත් අමාත්‍යවරයාට දේශීය කර්මාන්තය දියුණු කිරීමට ඉතා ඉහළ උවමනාවක් තිබුණ ද ඊට විවිධ පාර්ශවයන්ගෙන් ඉඩක් නොලැබෙණ බවයි.
මේ සම්බන්ධ තවත් තොරතුරු පහත වීඩියෝවෙන්,