පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි උසස් පෙළ විභාගය පවත්වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ, උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) නිෂ්ප්රභවීම සහ ඉල්ලා අස්කර ගැනීමත් සමඟයි.
එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභ වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.
මේ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වන දා සිට 31 දක්වා පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.