හැටන් පොංනගර් හා වීරතුංග පුර මාර්ගයේ කොටසක් දැඩි ලෙස අබලන් තත්ත්වයන්ට පත් වීමත් සමග එම ප්රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම ප්රදේශයේ ජනතාව පවසනුයේ මෙම මාර්ගය වසර දෙක තුනක කාලයක සිටම මෙසේ අබලන් තත්ත්වයේ පවතින බවත් මෙම තත්ත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම මාර්ගය මෙසේ අබලන් තත්ත්වයන්ට පත් වීමෙන් තම ප්රදේශයේ යම් අයකු හදිසියේ රෝගාතුර වුවහොත් එම රෝගියා කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බවද එම පිරිස් පවසති.