නිල්වලා ගඟ ද්‍රෝණියේ මුලටියන හා කඹුරුපිටිය පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර අවධානමක් මතුව ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එසේම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 3 – 24 තුළ, දිවුලපිටිය, මීරිගම ,අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවධානමක් මතු වී තිබෙන බව වාර්තා වේ.