යම් පුද්ගලයෙක් කොවිඩ් මර්දන එන්නත් තුනම ලබාගෙන සිටින අයෙක් නම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වුවද ඔහුට කොවිඩ් වැළඳීමට ඇති අවදානම ඉතා අවම මට්ටමක බවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ඩෙල්ටා ප්‍රභේද අවදානම පැවතියදී ජනතාව ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලින් ඉවත්ව සිටි අතර මෙම තෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසු එසේ සිටීමේ අවශ්‍යතාවයක් නොවන බවද පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි.
බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු මෙම ඔමික්‍රොන් අවදානම පහව යන අතර එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමේ හැකියාව ද පවතින බවයි ඇය ප්‍රකාශ කළේ.
පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.