ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබූ බව වාර්තා වේ .
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරන ලදී . ඉන් අනතුරුව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම හෙට (24) දින තෙක් කල් තැබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.