විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන් පැලැස්ස ප්රදේශයේ සිදු කළ වැටලීමකින් අක්කරයක පමණ භූමි ප්රමාණයක නීති විරෝධී ලෙස වගා කරන ලද අඩි 04 ක් පමණ උස ගංජා ගස් 9,456 සහිත හේනක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ .