පාරිහෝගික කටයුතු අධිකාරිය පවසන්නේ මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බවයි.
වාර්තා වන ආකාරයට එම අධිකාරිය සඳහන් කළේ වැටලීම් 22,000ක පමණ සංඛ්‍යාවක් තුළ සහල් වැටලීම් 3,151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදුකර ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්ර කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ය.
පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.