දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බවයි.
වාර්තා වන ආකාරයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබූ අතර කෙසේවෙතත් මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි සකස්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.