වැටලීමකදී අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල් ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර ඉතිරි කිලෝ 45 කෑමට ගත් අකුරැස්ස පොලීසියේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .
නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීම, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මෙම නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව සඳහන් .
වාර්තා වන ආකාරයට එම නඩුව පසුගියදා (21) කැඳවූ අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ .
මෙම නිලධාරියා සේවයේ නිරතව සිට ඇත්තේ තිහගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව වන අතර ඔහු ඌරු මස් වැටලීමට සම්බන්ධ වී ඇත්තේ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටියදීය. මෙම වල් ඌරු මස් වැටලීම කර ඇත්තේ පෙබරවාරි 26 වැනිදා බව වාර්තා වේ .
මෙම නිලධාරියා විසින් කළ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද නිර්නාමික පෙත්සමකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී හෙළි වූ තොරතුරු මත අදාළ නිලධාරියාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ .