මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින් සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමයි.
වාර්තා වන ආකාරයට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණීම සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙළන බවයි මහ බැංකුව පවසා තිබේ.
කෙසේවෙතත් ප්රමුඛ ණය පොලී අනුපාතය ඇතැම් බැංකුවල 15%ට එහා මට්ටමක පවතින අතර ඒ අනුව මහ බැංකුව විසින් එම බැංකුවලට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
නමුත් මේ වනවිට බැංකු 10ක් තාමත් ඒ මට්ටමට පැමිණ නොමැති බවත් කෙසේවෙතත් එම වාණිජ බැංකු වෙත දෙසැම්බර් 31දක්වා ඒ සඳහා අනුගත වීමට කාලය තිබෙන බවත් එසේ නොමැති නම් මහබැංකුව විසින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දැනුම්දී තිබෙන බවත් මහබැංකු අධිපති නනදලාල් වීරසිංහ පවසා තිබේ.