පාර්ලිමේන්තුවේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවක දී දැඩි අවධානය යොමු කර තිබුනේ අධිකරණ විනිසුරුවරුන් නිවාඩු ලබා ගනිමින් විදේශයන්හි නඩු කටයුතු සඳහා සහභාගිවීම සීමා කිරීමේ අවශ්‍යතාව මෙන්ම මෙරට නඩු තීන්දු ලබාදීමේ දී පවතින අසාමාන්‍ය ප්‍රමාදය සම්බන්ධයෙන්ද වේ.
වාර්තා වන ආකාරයට සීෂෙල්ස් හා ෆීජි වැනි රටවල නඩු කටයුතු සඳහා මෙරට විනිසුරුවරු සහභාගි වන අතර එම රටවල පවතින නඩුවලට අදාළ තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරුන් එලෙස සහභාගි වන අතර එහිදී ඉතාම කෙටි කාලයකින් තීන්දු දීමත් මෙරට නඩු තීන්දු දීම සඳහා දීර්ඝ කාලයක් ගත කිරීමත් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටි ඇතැම් දේශපාලන නියෝජිතයන් සිය කනස්සල්ල පළ කර තිබේ.
දේශපාලන පක්ෂවලට අදාළ නඩු තීන්දු නිශ්චිත කාලයක දී ලබා දීම නීතියක් වුවත් එම නීතියද කඩ කර ඇති අවස්ථා පවතින බවත් ඔවුහු පෙන්වා දී තිබේ.
නඩු ප්‍රමාදය වැළැක්වීමේ අරමුණින් විනිසුරුවරුන් වැඩි කිරීමට විදේශ ඇමැති අලි සබ්රි අධිකරණ ඇමැතිවරයාව සිටියදී පියවර ගත් නමුත් එම ක්‍රියාමාර්ග නිසා නඩු ප්‍රමාදය කිසිදු ලෙසකින් අඩු වී නොමැති බවටත් මෙහිදී කරුණු අනාවරණය වී ඇති අතර එම සාකච්ඡාවට එක්ව සිට ඇති දේශපාලන නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමට අදාළව වෙනත් රටවල නිශ්චිත කාලරාමු ක්‍රමය මෙරටේද ඇති කිරීම වැදගත් වන බවය. මෙරට විනිසුරුවරුන් සීෂෙල්ස් හා ෆීජි වැනි රටවල නඩු තීන්දු ලබා දීමේදී ගත කරන්නේ තමන් නිවාඩු ගෙන සිටින කාලසීමාව පමණක් යැයිද එවැනි ක්‍රියාමාර්ග මෙරටේද අනුගමනය කිරීමට හැකියාවක් තිබෙන බවයි.
එක් විනිසුරුවරයෙක් විසින් සිය සේවා කාලයේදී දෙන නඩු තීන්දු කොපමණද හා එම දී තිබෙන තීන්දු කවරේද යන්න ප්‍රසිද්ධියට පත් කිරීමේ ලොව බොහෝ රටවල පවතින ක්‍රමය මෙරටේද පහසුවෙන්ම ක්‍රියාත්මක කළ හැකි බවත් එවැනි ක්‍රියාවලියක අවශ්‍යතාවක් පවතින බවත් මෙහිදී දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ.