ගම්පොල ප්‍රදේශයේ බස් නැවතුමක මිය ගොස් සිටි යාචකයෙකු තම පුතා ලෙස හඳුනාගත් මවක් සහ එම පවුලේ පිරිස එක්ව යාචකයාව භූමදානය කර ඇති අතර අවමංගල්‍ය කටයුතුවලට දින කිහිපයකට පසු මිය ගියා යැයි සිතූ පුත්‍රයා නිවසට පැමිණ ඇති බව වාර්තා වේ .
මිය ගිය යාචකයාගේ පදිංචිය සොයා මෙම නිවසට පොලීසිය ගිය අවස්ථාවේදී මව සහ පවුලේ පිරිස එක්ව අධිකරණ වෛද්‍ය නිළධාරියා ඉදිරියේ දේහය භාර ගෙන අවමංගල්‍ය කටයුතු ද සිදුකර තිබේ .
නමුත් අවමංගල්‍ය කටයුතු නිමා වූ පසු මිය ගියා යැයි සිතූ පුද්ගලයා නිවසට පැමිණ මේ වන විට තමන් ගොවිපොළක සේවය කරමින් සිටින බව වාර්තා වේ .