මෙරට රාජ්‍ය ආරක්ෂාව මේ වන විටත් බිංදුවටම වැටී තිබේ. එය එසේ වී තිබෙන්නේ අදක්ෂ, රටට ආදරය නොකළ රාජ්‍ය නායකයන් රටේ පාලනයට එක් වු බැවිනි. 1994 දේශපාලන පෙරළියෙන් පසු මෙරට සියල්ලම දේශපාලනීකරණය වු අතර මන්ත්‍රීලට කඩේ යන ඡන්දදායකයාට පමණක් සැලකුම් දුන් රාජ්‍යයක් අපට බිහි විය. එය ආරම්භ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසිනි. නමුත් එකල අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සිදු වු බව දක්නට තිබුණි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා වු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය මෙන්ම මහජන නියෝජිතයන් කෙතරම් අදක්ෂ වූයේද යත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කළේ අද අප විදින දුකට ඔවුන් වග කිව යුතු බවටයි . ඒ අනුව ඔවුන් පත්කරගැනීමට කටයුතු කළ මෙරට ඡන්දදායකයන්ද එයට වග කිව යුතුමය.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රීවරුන්ගේ පාලනයේ විනාශය දරුණු ලෙස බලපා තිබෙන තවත් පැත්තක් වන්නේ මෙරට ආරක්ෂක සේවයයි. මේ වන විට පොලිස්පතිවරු නැත. නුසුදුස්සෝ උසස්වීම් ලබා තිබේ. ත්‍රිවිධ හමුදාවේම එසේමය. ජ්‍යෙෂ්ඨයන් කපා කනිෂ්ඨයන් ඉහළට පැමිණ තිබේ. සමස්ත රාජ්‍යයේම එසේය. ඔවුනොවුන්ම කා මරා ගන්නා විනාශකාරි යුගයකට අප අවතීර්ණ වෙමින් සිටින්නෝය. ඉතිහාසයේ නොවු විරූ ලෙස අදක්ෂ හමුදා නායකයන්ද දේශපාලනයට පැමිණ තිබේ. මේ සියල්ලටම හේතුව දූෂිත නායකයන් මෙරට පාලකයන් සේ පත් කරගැනීමට, අමනෝඥ ආත්මාර්තකාමී මහජනතාව තීරණය කිරීමයි.
යුද්ධ හමුදා නිලධාරීන් ගනණාවක් මේ වන විට යුක්තිය ඉල්ලා අධිකරණයට ගොස් තිබේ. ඒ අසාධාරණයට ලක් වු අයයි. මානව හිමිකම් කොමිෂම, වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පවා යුධ හමුදා නිලධාරින්ගේ පැමිණිලි තිබේ. ඉන් කියවෙන්නේ දේශපාලකයන්ගේ දූෂිත ප්‍රතිපත්ති වැලදගත් රාජ්‍ය සේවය ද දැන් ඒවා ට අනුව කටයුතු කරනා බවයි. ඉන් කියවෙන්නේ මෙරට සෑම අංශයක්ම සමාජ ආරක්ෂණ ක්‍රියාවලියකට යා යුතු බවයි. නමුත් එය කිරීමට හැකි න්‍යායන් සහ ප්‍රතිපත්තීන් සැකසීමට දක්ෂ ආචාර්‍ය මහාචාර්‍යවරු පවා සිටින්නේ නිහඬවය. ඔවුන් ඉදිරියට ගැනීමට හෝ ඔවුන් හඳුනා ගෙන ඔවුන් හරහා රට ගොඩ නැගීමට හැකි ඒබ්‍රහන් ලින්කන් පරපුරේ නායකයන් හෝ දස බල ශක්තීන් ප්‍රගුණ කල රාවණා පරපුරේ නායකයන්ගේ රැල්ලක් රටට අවශ්‍යව තිබේ.
පාලනයේ දූෂිතභාවය, පළිගැනීම්, ඇතුලු කටයුද සමග සාමාන්‍ය භටයන් ද දැඩි පීඩනයකින් ජීවත් වේ. ඒවා හදුනාගැනීමට හැකි දක්ෂ හමුදා නායකයන්ගේ කොන්ද කඩා තිබේ.
යුද්ධ හමුදාවේ සහ පොලිසියේ තත්ත්වය “අරුණේ පුවත්පතේ” වාර්තාවක්.
පැන්ෂන් ගිය පොලිස්කාරයන් ගණන් නොගන්නා බව කටවහරට කීවත් ශ්‍රී ලංකා පොලීසියේ මුල් පුටුව හොබවන්නා පැන්ෂන් ගිය ද තවමත් සැලකුම් ලබන්නෙකි. ඒ ඔහු පැන්ෂන් ගොස් නැවත නැවත පුටුවට එන නිසාය. විපක්ෂය ඔහු නිර්වචනය කරන්නේ රීලෝඩ් පොලිස්පති ලෙසය. ඒ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගු ලැබෙන්නේ ජනාධිපතිගේ කැමැත්තට අනුව සති දෙක තුනකට වරක්ය.
පොලීසියට රීලෝඩ් ක්‍රමයට හරි පොලිස්පතිවරයකු සිටියද මාස එකහමාරක් තිස්සේ යුද හමුදාවට දෙවැනියෙක් නැත. තුන් වැනියාත් ඉන්නේ වැඩ බැලීමේ පදනම යටතේය. හැත්තෑ පස් වසරක යුද හමුදා ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ මුල් වතාවටය.
යුද හමුදාපතිවරයෙක් සිටින නිසා දෙවැනියෙක් හිටියත් එකයි නැතත් එකයි යනුවෙන් කවුරු හරි උපකල්පනය කර එම ධුරය නොපුරවා සිටී නම් ඒ හමුදාව ගැන ඔහුගේ දැනීමේ තරමය. යුද හමුදාපති නිල බලයෙන් සිටියාද යුදහමුදාවේ සංවිධාන ව්‍යූහය අනුව පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ යුද හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානියාය. දැන් හමුදාවට දෙවැනියෙක් නැති නිසා බොහෝ වැඩ ඇත්තේ කොට උඩය.
යුද හමුදාව මේ අර්බුදයට මුහුණ පෑවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය දැරූ මේජර් ජෙනරාල් සංජය වනසිංහට හමුදාපති පුටුව පෙනි පෙනී විශ්‍රාම යෑමට ඉඩකඩ සැලසීමත් සමඟය. ඔහු කීර්තිමත් නිලධාරියකු වූ හිටපු යුද හමුදාපති ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ පුතාය. තාත්තාගේ තනතුරට ඔහුත් පත්කළා නම් එය ලෝක වාර්තාවකි. ඒ පෙර එවැනි දෙයක් ලොව කිසිම රටකින් වාර්තා වී නැති නිසාය. ඒත් සංජය වනසිංහගේ මස්සිනා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකාරුණා වීමේ වරදට ඔහුට හමුදාපතිකම නොලැබුණු බව දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කතාවය. යුද හමුදාවේ සමහර මස්සිනාලටත් වෙන්ඩ මස්සිනාලටත් හරියන්නත් මන්ත්‍රිවරයකු මස්සිනා වීම නිසා සංජය වනසිංහට වරදින්නටත් හේතුව අපහැදිලිය. ඔහු යුද හමුදාපති ධුරයට සුදුසුකම් ලැබීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබුණේය. යුද හමුදාපතිධුරයට පත්වීමට බලපාන නිකැළැල් සේවයට හිමි පදක්කම් දෙක වන උත්තම සේවා පදක්කම (USP) හා විශිෂ්ට සේවා විභූෂණ (VSV) පදක්කම හිමිකරගෙන සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතමයා ඔහු විය.
අවාසනාවකට මෙන් ඔහුටද වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරාට අත් වූ ඉරණමය. සංජය වනසිංහගෙන් පසු පුරප්පාඩු වූ දෙවැනි පුටුවට ළඟින්ම සිටියේ මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනය. සිංහ රෙජිමේන්තු නිලධාරියකු වන ඔහු පාඨමාලා අංක 29 යටතේ යුද හමුදාවට එක් වූ නිලධාරියකු විය.
අධිකරණ නියෝගය ඉදිරිපත්කරන නීතිවේදී නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් ඇසිය හැකිය.
ප්‍රියන්ත ජයවර්ධන ගුවන් සංක්‍රමික බළසේනාවේ ආරම්භක රෙජිමේන්තු සාමාජිකයකු ලෙස සිවුවන සිංහ රෙජිමේන්තුවට එක් වූ අයකු විය.
මාණ්ඩලික ප්‍රධානී පුටුව පෙනි පෙනී ඔහුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරනු ලැබීය. ලබන මස අටවැනිදා ඔහුද වයස අවුරුදු පනස්පහ සපුරා විශ්‍රාම ගත යුතුව ඇත්තේය.
කෙසේ නමුදු යුද හමුදාවේ දෙවැනි පුටුවට සුදුසුකම් ලබා සිටින නිලධාරියා මේ වන විට සිටින්නේ ඉහළ ස්ථරයක කැපිල්ලකට ලක් වීය. ඔහු බ්‍රිගේඩියර් චන්දන රණවීරය.
සටන් පෙරමුණේ සිටි දක්ෂ පාබළ නිලධාරියකු වන බ්‍රිගේඩියර් චන්දන රණවීරට මෙතෙක් යුද හමුදාවෙන් වූයේ අසාධාරණකම් හා කෙනහිලිකම්ය. ජ්‍යෙෂ්ඨතාව අනුව යුද හමුදාවේ දෙවැනි පුටුවට පත්වීමට සිටින නියම ජ්‍යෙෂ්ඨයා ඔහුය. පාඨමාලා අංක 28 යටතේ යුද හමුදාවට එක් වූ චන්දන රණවීරට වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගැනීමට ඇත්තේ 2024 මාර්තු 20 වැනිදාය. ජ්‍යෙෂ්ඨත්වයෙන් දැනට හමුදාවේ සිටින දෙවැනියා වන ඔහුව මේජර් ජෙනරාල් තනතුරට උසස් කර නැත්තේ ඉහළ නිලධාරින්ගේ කතුරට හසුවීම නිසාය.
2021 ජනවාරි 01 වැනිදා සිට ඔහු මේජර් ජෙනරාල් ධුරයට උසස්වීම් ලැබීමට සිටියද හදිසියේම එය නවත්වාලනු ලබන්නේ කනිෂ්ඨයන්ට උසස්වීම් දෙමිනි. 1994.12.26 දින අලිමංකඩ, වෙත්තිලයිකර්නි කඳවුරේ රාජකාරි සඳහා එක් දිනක් නොපැමිණි බවට වන චෝදනාව පදනම් කරගෙනය. එදින ඔහු අනුරාධපුර සුනාත කඳවුරට වාර්තා කර තිබුණද එවකට ඔහුගේ අණදෙන්නා වූ කර්නල් ලංකා තල්ගහගොඩ ඉදිරිපත් කළ චෝදනා පත්‍රයක් හදිසියේම ඉදිරියට එන්නේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කරද්දීය. එවකට චන්දන රණවීර කනිෂ්ඨ නිලධාරියෙකි. 1994 දී මෙම නිලධාරියා සම්බන්ධව චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ පළිගැනීමක් බව හමුදා උපදේශක මණ්ඩලයේදීත් අනාවරණය වී තිබිණි. 1994 දී එක්දිනක් කඳවුරට වාර්තා නොකළ බවට චෝදනා පත්‍රය යුද හමුදා උපදේශක මණ්ඩලය 2018දී ඉදිරි කටයුතුවලට බලනොපාන බවටද නිර්දේශ කර තිබිණි. ඒ අනුව ඔහුට බ්‍රිගේඩියර් නිලය දක්වා උසස්වීම් මෙන්ම පාකිස්ථානයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හැදෑරීමටත් හැකිවේ.
මේජර් ජෙනරාල් නිලයට උසස්වීමට යාමේදී ඔහුට බලපෑ එක්දිනක සේවයට වාර්තා නොකිරීම අනෙකුත් නිලධාරින්ටද ක්‍රියාත්මක වූවානම් හමුදාපති ධුරය පුරවන්නත් වෙනත් නිලධාරියකු සොයා යාමට සිදුවන්නේය.
මෑතකදී මේජර් ජෙනරාල් ධුරයට උසස්වී නිලධාරින් සමඟ මහ මග ගුටි ඇනගෙන විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් එල්.එස්. බාලචන්ද්‍ර කඳවුරෙන් පැනයාමේ චෝදනාවකට වරදකරු වූවෙකි. නමුත් ඔහුට මේජර් ජෙනරාල් ධුරයෙන් විශ්‍රාම ගැනීමට ඉඩ ලැබුණේය. මේජර් ජෙනරාල් අරෝශ රාජපක්ෂ හා මේජර් ජෙනරාල් ශාන්ත රණවීරටද දින ගණනක් හමුදාවෙන් පැනයාමේ (absent) චෝදනාව එල්ල විය. නමුත් ඔවුන්ට එම චෝදනා පසෙකලා මේජර් ජෙනරාල් තනතුර හිමි විය.
මේජර් ජනරාල් සහ බ්‍රිගේඩියර් මහපාරේ රණ්ඩුවෙන අයුරු පහත වීඩියෝවෙන් බැලිය හැකිය
යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හෙවත් දෙවැනි පුටුවට පත් ව මෑතකාලයේ විශ්‍රාම ගත් එක් මේජර් ජෙනරාල්වරයකු යුද්ධයේ දී ආතතිය වැඩි වී හෙලිකොප්ටර්වලින් පැනගිය චෝදනාව පවා එල්ල වූ අයෙකු විය.
එක් එක් කාලයට යුද හුමදාවේ එක් එක් නිලධාරින් හිතවත්කම් මත ඉහළට ගෙන ඒමට චෝදනා පත්‍ර ගණන් නොගත් අයුරු ඉතිහාසය සාක්ෂි දරන්නේය.
යුද හමුදාවේ දෙවැනි පුටුවට ජ්‍යෙෂ්ඨතාව අනුව උරුමකම් කියන්නට හැකියාව ඇති බ්‍රිගේඩියර් චන්දන රණවීරට අන්තිමේ දී අභියාචනාධිකරණයෙන් ගිය සිකුරාදා (24 වැනිදා) යුක්තිය ඉටු වූවේය. අභියාචනාධිකරණ යුද හමුදාපතිට නියෝග කළේ 2024 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි ඔහු මේජර් ජෙනරාල් නිලයේ පිහිටවීමට ජනාධිපතිට නිර්දේශ කරන ලෙසය. එමෙන්ම ජ්‍යෙෂ්ඨත්වයට අනුව පාබළ හමුදාවේ පළමු වැනියා වන ඔහුට පාබළ හමුදා රෙජිමේන්තු අධිපති ධුරය දීමට නියම කෙරුණිය. ඒ අනුව ඔහු යුද හමුදාවේ දෙවැනියා වීමට අධිකරණයෙන්ද නියත විවරණ ලැබී තිබේ.
වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ලබන මාසයේ සේවා දිගු නොලැබ විශ්‍රාම ගියහොත් හමුදාපති ධුරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින් සිටින නිලධාරියා වන්නේද චන්දන රණවීරය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා විසින් අරුණට ලියු ලිපියකි.
මෙම සිද්ධීන් පිළිබඳව අප මීට පෙර අප පළකල වාර්තාවක් ද පහතින් කියවිය හැකිය