කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙළඳපොළක සිටි පිරිසක් මතට එම විදුලි රැහැන කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරින් මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් වෙළෙඳපොළ සිටි වෙළඳුන් බව සඳහන් වේ.
කෙසේ නමුත් අදාළ විදුලි රැහැන කඩා වැටී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.