පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේ වසරකට මෙරට ට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බවයි.
වාර්තා වන ආකාරයට මෙම ප්ලාස්ටික් දිරා යන්නට අවුරුදු 700ක් පමණ ගත වන බව මන්ත්රීවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.
මෙම ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතහමාර ප්රතිචක්රීරණය නොකලොත් තව අවුරුදු ගාණක් යන විට මේ රටේ පස් තියෙන එකක් නැතැයි ද ඔහු පවසා තිබේ.
ප්රතිචක්රීකරණ කටයුතු හරියට නොකළහොත් මුහුදේ මාළුන්ට වඩා ප්ලාස්ටික් කෑලි මුහුදේ පාවේවි යැයිද මාන්නප්පෙරුම කියා තිබේ.
වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතර හමාරක් ආනයනය කළද එයින් 144000ක් පමණ නැවත එකතු කරගන්නා බව පැවසූ මාන්නප්පෙරුම එසේ කලත් ප්රතිචක්රීකරණය සදහා යොමුවන්නේ ප්ලාස්ටික් ටොන් පනස් දහසකට වඩා අඩු ප්රමාණයක් බව සඳහන් කර තිබේ.