පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ .
පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්ව ඇති බවයි .
මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 15ක් වූ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර දිවි බේරාගත් දැරිය මව වෙතට භාරදීමට කටයුතු කර තිබේ .
එහිදී අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින් දැරිය මුහුණට පැන ඇති බවයි.