ලොව ප්රථම DNA කොවිඩ් මර්දන එන්නත භාවිතා කිරීම සඳහා ඉන්දියාව සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.
අදාළ එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ සයිඩල් කැඩිලා නම් සමාගමක් විසින් වන අතර ඊට හදිසි භාවිතය සඳහා වන අවසරය ඉන්දීය ඖෂධ අධිකාරියෙන් හිමිව ඇත.
ඒ අනුව අදාළ එන්නත ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ දී ළඟදීම භාවිතයට ගැනීමට නියමිතව ඇත.