කලක සිට කරගෙන ගිය ගෝන මස් ජාවාරසක සුලමුල සොයාගැනිමට ඊයේ (06) මහනුවර රංගල පොලිසියේ විශෙෂ කාර්යය ඒකකයේ බුද්ධි නිලධාරිනට හැකිවි තිබේ.
පසුගිය හතර වෙනිදා දෙහිවල සිට පැමිනි මෙම පුද්ගලයින් දෙදෙනා බර්න් සයිඩි වතුයායට අයිති බංගලාවක නවාතැන් ගෙන රාත්රි ගෝන දඩයමෙ ගොස් ගොනන් මරා මස්කර රහසිගතව තංගප්පුව ප්රාදේශය් සිට කොළඔ පුදේශයට ප්රවාහනය කරිමට යාමේදී මෙසේ පොලිසියට අසුවි ඇත. මෙම පිරිස ගැන සෙවිල්ලේන් සිටි රංගල පොලිසියේ විශේෂ කාර්ය එකකයේ නිලධාරීන්ට ලැබුනූ තෙරතුරකට අනුව රංගල පොලිසිය මෙම වැටලිම සිදුකර පුද්ගලයන් දෙදෙනෙත් ඇතුලුව ගිනි අවි තුනත් සහා ඒවාට යොදන බෝර දොලහේ පතරොම් විසිහතක්ද අධිබල විදුලි පන්දම් දෙකක් ඇතුලුව ගෝන මස් කිලෝ හැට කුත් ග්රෑම් හාරසීයක් අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් ගමන් ගත් කැබ්රථතයද ඒ අතර තිබේ.
සැකකරුවන් දෙදෙනා දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ සම්බන්දයෙන් පුදේශය භාර සහකාර පොලිස් අධිකාරවරයා ඇතුලු පොලිස් කන්ඩායමක් පරික්ෂණ පවත්වමින් සිටි.