ග්‍රාමීය ප්‍රදේශවල තිබෙන දිය ඇළි ඇතුළු සංචාරක ආකර්ෂණයක් යොමුවන ස්ථාන පළාත් පාලන ආයතනවලට පවරාගෙන සංචාරකයින්ගෙන් ගාස්තුවක් අය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ .
එමෙන්ම එවැනි ස්ථානවල සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර මෙලෙස සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට පළාත් පාලන ආයනත සඳහා රුපියල් මිලියන දහයක මුදලක් ලබාදීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇති බව සඳහන් .
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ දිය ඇළි නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ඇතැම් පළාත් පාලන ආයතන විසින් මුදල් අය කරනු ලැබුවත් එම ස්ථානවල සංචාරකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැති බවත් , සිරීපාද වන්දනා සමය ලබන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන බැවින් සිරීපාද මාර්ගයේ අම්බලම් සංවර්ධනය කර සංචාරක පහසුකම් වැඩිදියුණු කරන බවත් ය .
එමෙන්ම සෑම පළාත් පාලන ආයතනයකම කසළ කළමනාකරණය විධිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.