කිරිඇල්ල පොලිසියට ස්ථානාධිපති පත් කර ගැනීම සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු අතර තරගයක් ඇති වී තිබේ.
ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී එක දේශපාලඥයෙකු “මට අවශ්‍ය පුද්ගලයා පත් කර දෙන්නයි” ප්‍රකාශ කරද්දී, අනිත් දේශපාලඥයා “එහෙම බෑ” මට අවශ්‍ය පුද්ගලයා පත් දෙන්න යයි පවසද්දී මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම ඉල්ලීමට විරෝධාතා ඉදිරිපත් කරමින්, ” දේශපාලඥයන්ගේ ලිපිවලට අවශ්‍ය ස්ථානාධිපතිවරු පත් කල නොහැකි බවත්, ජනාධිපතිතුමා මට මේ අමාත්‍යාංශය ලබා දුන්නේ බියෙන් සැකෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම සදහා විශ්වාශයෙන් බවත්, පොලිස් නිලධාරීන් අතර දක්ෂ මෙන්ම අදක්ෂ නිලදාරීනුත් ඉන්නවා. ඔවුන් තෝරා බේරාගෙන පත් කල යුතු බවද සදහන් කර තිබේ.
රාවණා සටහන
දේශපාලන වුවමනාවන් මත පොලිසිය පාලනය වීම නවතින තෙක් කුමන හේතුවක් නිසා වත් පොලිසිය කිසිම දවසක මහජන සැබෑ පොලිසියක් බවට පත් නොවේ. අප මීට පෙරද එය සදහන් කර තිබේ.
එසේම තමන්ට හිතවත් නිලදාරීන් ස්ථානාධිපතිවරු ලෙස පත් කරගැනීමට පෙර සහ තම හිතවතුන්ට දේශපාලන වරප්රෂා ද ලබා දීමට බලපෑම් කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණ ය කිරීමකි. සියලු දෙනාටම සමානව සැලකීමේ පාඩම කියා දිය යුත්තේ දේශපාලන අධිකාරියයි. ඔවුන්ම සකසන නීති රෙගුලාසි ඔවුන්ම බිද දමන විට රටේ පාලනය යන්නේ වෙනත් මගක බව ඔවුන්ටම නොතේරීම ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාවකි.
කෙසේ හෝ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හෝ මැදිහත් වී පොලිසිය තුල ක්‍රියාත්මක වන මේ දේශපාලන බලපෑම් සියල්ලම නවතා දැමීමෙන් සමස්ත ශ්‍රී ලංකාවම නවතම ගමනකට මුල පුරනු ඇත. කෙසේ වුවත් එය වචනයට පමණක් සීමා නොවී ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ප්‍රතිපල ලබා ගත හැකිවනු ඇත.
මේ හා සබැදි අපගේ වෙනත් පුවතක්.