වයස අවුරුදු 11ක බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියන සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව, 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අතවරයට ලක්ව ඇති දැරිවියගේ ඥාති මාමා කෙනෙක් බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මීට මාසකට පමණ පෙර දිනයක නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු විසින් දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට ඇයගේ මව විසින් කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ලට අනුව සැකකරු ඊයේ (01) දින මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
අතවරයට ලක්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.