ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව අද (03) පැවති අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ .
ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය තරග 4ට එකක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් රැස්කරගන්නා ලදී.