විවිධ ආබාධ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 200 කට ආසන්න පිරිසක් අද (04) දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක බලා ගැනීමට පැමිණි බව වාර්තා වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ආබාධිත දරුවන් මෙපමණ ලොකු පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එකවර පැමිණි පළමු අවස්ථාව මෙයයි.
සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඒ ආබාධිත දරුවන් සියලු දෙනා සතුටින් පිළිගන්නා බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
“ආබාධිත ප්‍රජාව වෙනුවෙන් 2008 ඉඳල පැහැදිලි අණ පනත් ඉදිරිපත් කරන බව කිව්වත් අද වනතුරු එවැනි පනතක් ඉදිරිපත්වී නැහැ.
පාර්ලිමේන්තුවේ 225 ම ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඒ අණ පනත් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා”
සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පැස්කුවෙල්
“ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ඉදිරි දිනවල ඉදිරිපත් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
“ආබාධිත අයිතිවාසිකම් පනත එන්නේ නැති හේතුව මම පැහැදිලි කරන්නම්. ආබාධිත ප්‍රජාව එකම ඉල්ලීමයි කරන්නේ. මේ විෂය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ තිබීමට බොහෝ දෙනා විරුද්ධයි. මෙය ජනාධිපති හෝ අගමැති යටතට ගේන්න.”
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ පනත ඉක්මන් කිරීම පිළිබඳ තමා සතුටු වෙන බවයි.