වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙවර මහ කන්නයේ දී වී මෙට්රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා රජය සැලසුම් කර ඇති බවයි.
මහ කන්නයේ අස්වනු නෙලීමත් සමග ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගැනීමට වැඩසටහන් ගණනාවක් ක්රියාත්මක කර ඇති බව ද එහි උප සභාපති ඩබ්ලිව්.එච්.දුමින්ද ප්රියදර්ශන මහතා ප්රකාශ කරයි.
වී අලෙවි මණ්ඩලයේ උප සභාපති ඩබ්ලිව්.එච්.දුමින්ද ප්රියදර්ශන මහතා විසින් වී අලෙවි මණ්ඩලය තරඟකාරී මිලකට වී ලබාගන්නා බැවින් අස්වනු වී අලෙවි මණ්ඩලය වෙත ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම්කර ඇත.