අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ ක්රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතාට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත් බව වාර්තා වේ .
මෙම පෙත්සම අද (05) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී වගඋත්තරකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.
ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්රකාශ කර සිටියේ මෙම නඩුකරයේ නොතීසි නිකුත් කිරීමට පෙර වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටීමට හැකියාවක් නොමැති බවයි.
එහෙත් එම ඉල්ලීමට ඉඩ නොදුන් අධිකරණය වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිය හැකි බවද ඔහු සඳහන් කරන ලදී .
ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ සංශෝධන සිදු කිරීමට පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළ කළ බව වාර්තා වේ .
ඒ අනුව නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙමින් එය නිශ්ප්රභ කිරීමට තීන්දු කරන ලදී .