නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වේ .
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් , ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ද වාර්තා වේ .