දෙහිවල ප්රදේශයේ ගොඩනැඟිල්ලක තිබී අද (06) උදෑසන අත්බෝම්බයක් හමුවී ඇති බව වාර්තා වේ .
දෙහිවල පොලිස් වසමේ අංක 124, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල ලිපිනයේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11කින් සමන්විත ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ මෙම අත්බෝම්බය තිබී ඇති බව සඳහන් .
නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබෙන අතර ඒ අනුව පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසු එය අත්බෝම්බයක් බව හෙළි වී තිබේ .
පසුව ඒ සම්බන්ධව දෙහිවල පොලිස් ස්ථානය විසින් බෝම්බ නිෂ්ක්රීය අංශය දැනුම්වත් කරනු ලැබීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්රිය අංශය විසින් අත්බෝම්බය රැගෙන ගොස් තිබේ .